Tuesday, December 21, 2010

යූ.එන්.පි.ය දුන්න නිදහස් අධ්‍යාපනය

නිදහස් අධ්‍යාපනය සමාජවාදී සටන් පාඨයක් කියලා කිවිවට ,,,,,,,,,,මාර අවුලක්නේ .......ඔය පනත ගෙනත් තියෙන්නේ  යූ.එන්.පී.ආණ්ඩුව කාලෙනේ.පටිට ධනේෂ්වර ආණ්ඩුවක් එහෙම කරන්ඩ මුන්ට කොයිල්ද?.
                                     මම ටිකක් හොයලා බැලුවා මොකද්ද කථාව කියලා.
                            
                               C.W.W.කන්නන්ගර මහත්තයා (ඇත්තටම මහත්තයෙක්) යූ.එන්.පී.ආන්ඩුවෙ හිටපු අධ්‍යාපන ඇමතිවරයා.එතකොට අගමැති D.Sසේනානායක (මහත්තයා කියන්න නමි බෑ ඉතින්). කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමෙන්තුවට ගේන කොට ඒකට වැඩියෙන්ම බාධාකරලා තියෙන්නේ D.Sසේනානායක.
                             
                                වරක් සාන්ත තෝමස් විද්‍යාලයේ ආදී  ශිෂ්‍ය සංගමයේ රැස්වීමකදී DSසේනානායක මෙන්න මෙහෙම කියලා තියෙනවා"යෝජිත සංශෝධන වලින් සමහර ඒවා ඉතා භයානක ඒවා,ඒවා    සමිමත වුනෝතින් අපේ හුදු පැවැත්ම අනතුරේ,ඔබ කවුරුත් මෙ ගැන දැනගෙන ඉන්න එක හොදයි"(Ceylon daily news 1947,02,01).
                         ලංකාවෙ මහා ලෙකු ධනපති පන්තියක් නැති වුනත් ඉන්න වුන් ටික සැලසුමි කරේ ඔක.
එතකොට නිදහස් අධ්‍යාපනය ලැබුනේ කොහොමද කියලා දැන ගන්න සමාජවාදී ශිෂ්‍ය සංගමයේ විලංගු ලූ අකුරු කියවන්න.
       
                    මගේ මවිබිම නිදහස් අධ්‍යාපනය දිනාගත්ත විදිහ සැරින් සැරේ මම කියන්නමි

දැන්ම දිනමුද???????? ,පසුවට තැවෙමුද?????????











නිදහස් අධ්‍යාපනය රැක ගෙන ආපු ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වෙවා! එංගලන්තෙත් විශ්ව විද්‍යාල සිසුන් පාරට බැහැලා.ටියුෂන් ගාන වැඩි කියලා.ආරංචියේ විදිහට ගාස්තු 3 ගුණයකින් වැඩිකරලා.අපේ ආණ්ඩුව හිටියනං කියයි මෙකත් j.v.p.වැඩක් කියලා.අන්තරේ තමයි කලේ කියලා.
                 මට මෙක මෙහෙම කියන්න හිතෙන්නෙම නෑ,ඒ තමයි "දැක්ක නේද? දැන්වත් තේරෙනවාද නිදහස් අධ්‍යාපනයේ තියෙන වටිනාකම" කියලා.මොකද දන්නවාද?.මිනිස්සු හැමෝටම හිතන්න ,කල්පනා කරන්න මොලේ තියෙනවා කියලමයි මට හිතෙන්නේ.මොකක් හරි දෙයක් කරන්න කලින් කල්පනා කරලා බලලා මෙකෙන් නරකක් වෙයිද කියලා හිතන්න මොලයක් මිනිහා කියන සතාට තියෙනවා.ඒක හින්දා තමයි අපි තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ.දෙයක් වෙන්නම ඔන නෑ."හැබැයි  කොචිචර කිවිවත් වෙන්නේ එහෙම නමි ,ඒ කියන්නේ මිනිසා තාම ලෑස්ති නැත්නමි මිනිහෙක් විදිටහ හිතන්න,ඊලග විදිහ ‍ තමයි එංගලන්නේ උන විදිහට වෙන කමි බලාගෙන ඉන්න එක".කාට හරි එහෙම හිතෙන්න පූළුවන්,හැබැයි කොමියුනිස්ටි කාරයෝ එහෙම නෑ.කෙල වෙනකමි බලාගෙන ඉන්නේ නෑ.මොකද උන් මිනිස්සු හින්දා.ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය එහෙමයි.ජය වෙවා විරුවණී!!!!!

Monday, December 20, 2010

පක්ෂ දේශපාලනය

ලෝකයේ දේශපාලන පක්ෂ වර්ග 02 යි තියෙන්නේ.ලංකාවෙත් එහෙමමයි.එකක් ධනවාදී දේශපාලන පක්ෂ,අනිත් වර්ගය සමාජවාදී දේශපාලන පක්ෂ.නිදහස් අධ්‍යාපනය කියන්නේ සමාජවාදී සටන් පාඨයක්.ඒක වෙනුවෙන් අවංකව සටන් කරන්නේ සමාජවාදී දේශපාලන පක්ෂ විතරයි.
           ලංකා‍වෙ මාක්ස් ලෙනින් වාදී දේශපාලන පක්ෂ 01 යි තියෙන්නේ.ඒ ජනතා විමුක්ති පෙරමුණ.සමසමාජ,ලංකා කොමියුනිස්ටි වගේ දේශපාලන පක්ෂ ආරමිභයේදී මාක්ස ්ලෙනින් වාදී වුනාට පස්සේ  ධනේෂ්වර නැටිටෙම එල්ලුනා,ඒ මඩ ගොහොරුවෙ බැහැලා මඩ නානවා.අවස්ථාවාදය කියන්නේ ඒකට.ඔනම සමාජවාදී දේශපාලන පක්ෂයක් ඔනම වෙලාවක අවස්ථාවාදයට යන්න පුළුවන් බව මාක්ස් ලෙනින් වාදයේ තියෙනවා.ජේ.වී.පි.යටත් ඒක පොදුයි.දැනට තියෙන එකම මාක්ස් ලෙනින් වාදී පක්ෂය අවස්ථාවාදයට යා නොදී රැක ගන්න එක නිර්ධනයන්ගේ වැඩක්.නැත්නමි විමුක්තිය තොඩාක් ඈතට යයි.අල්ලන්න බැරි වෙයි.හැමදාම දුප්පත්කමෙන් මිරිකුණ හූරා කැමට ලක්වීමට සිදුවීම හැර වෙන දෙයක් නැත.මාක්ස් ලෙනින් වාදී දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒම හැර නිදහස් අධ්‍යාපනය ස්ථීර ලෙස ආරක්ෂා කර ගැනීමට වෙනත් මගක් නැත.........

දෙබිඩිඩෝ

මහින්ද රාජපක්ෂ ආණඩුව 2010 ජනාධිපතිවරණයේදිත් බලයට ආවෙ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනවා කියලා.මිනිස්සු මහින්දව බලයට ගේන්නේ ඒ විශ්වාසයට,ඇයි ඡන්දෙට කිලින් කිවිවෙ නැත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල දානවා කියලා.කිවිවොත් අනිවා පරදිනවා.ඒ මෙ රටෙ මිනිස්සු නිදහස් අධ්‍යාපනයට ආදරෙයි.ඒකෙන් විතරයි තමන්ගේ දරුවන්ට අනාගතයක් දෙන්න පුළුවන් කියලා මිනිස්සු දන්නවා.ඒක දන්නවා කියලා මහින්දත් දන්නවා .ඒකයි කලින් නොකිවිවෙ.බලයට ඇවිල්ලා මිනිස්සු රවටන එක යහපත් නායකයෙක්ගේ ලක්ෂණයක් නෙමෙ.එහෙම නායකයෝ රටට වැඩක් නැති අය.රට අවුලේන අවුලට යනවා.දෙබිඩි ජීවිත චරිත හරි භයානකයි

නව ගමනක් රකින්නට නිදහස් අධ්‍යාපනය



මම අද ඉදලා පටන් ගන්නවා BLOG එකක්.මට ඔන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සයිබර් අවකාශයට ගිහින් හැමෝටම මෙ ගැන කියන්න.හුගක් අය ඇත්ත දන්නේ නෑ.හුගක් අයට ඇත්ත දැන ගන්න ඔන  නෑ.ඒ තරමට ඒ අයට එපා වෙලා.ඇත්තටම එපා කරලා.මෙ තියෙන ක්‍රමෙ මින්ස්සුන්ට තමන්වම එපා කරවලා.තමන්ට හිමි මොනවාද ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා මිනිස්සු ද‍න්නේ නෑ.දන්නවනමි පාලකයෝ වසලා ඉවරයි,ඒ හින්දම ඒ ගැන දැන ගන්න ඉඩ තියන්නේ නෑ.
         හරි මොකක්ද ? වැරදි මොකක්ද ?  කියලා අපි කථා කරමු.මාතෟකාව FREE EDUCATION.මෙක උඩ ඉදන් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න පුළුවන්.